කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා වශයෙන් රිෂාඩ් බදියුදීන් මහතා 09දා පස්වරුවේ තෙවැනි වරටත් එම අමාත්‍යාංශයේ වැඩ භාර ගනු ලැබීය.
අමාත්‍ය ධුරයේ රාජකාරි ඇරඹීමෙන් පසු පැවති උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා පවසා සිටියේ, කර්මාන්ත ක්ෂේත්රය ප්‍රවර්ධනය සඳහා තමා ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගවලදී පෞද්ගලික ක්ෂේත්රය වැඩිවශයෙන් දායක කර ගැනීමටත්, ඔවුන්ගේ අදහස්, යෝජනා හා සහයෝගය ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම, ඉදිරි පස් වස තුළ, පංච විධ ක්‍රියාවලියක් ඔස්සේ ශ්‍රී ලංකාව සංවර්ධන මාවතට රැගෙනයාමේ වැඩි වගකීමක් පැවරී ඇත්තේ තම අමාත්‍යාංශයට බවත් බදියුදීන් මහතා පැවසීය.