සාමකාමී හා යහපත් මැතිවරණයකින් යළි බලයට පත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිය සුභාශිංසන පිරිනමන බව ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජූලි බිෂොප් මහත්මිය පවසයි.
ඒ අනුව, දෙරට අතර පවතින ශක්තිමත් ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට මෙන්ම, කලාපීය හා ගෝලීය අභියෝගයන්ට ආමන්ත්‍රණය කිරීමට නව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා සහ නව රජය සමග ඉදිරියේදීත් කටයුතු කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බව අමාත්‍යවරිය සඳහන් කරයි.
ඔස්ට්‍රේලියාවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වඩාත් සමීප හා දීර්ඝ සබඳතාවක් පවතින බව පෙන්වාදෙන අමාත්‍යවරිය, ශ්‍රී ලංකාව සමග වෙළෙඳාම හා ආයෝජන වර්ධනය කරගැනීමට මෙන්ම, දෙරටේ ආරක්ෂාව, විශේෂයෙන්ම මිනිස් ජාවාරම හා සම්බන්ධ අපරාධ මැඬලිමේ කටයුතු ඉහළ දැමීමට බලාපොරොත්තු වන බවද පෙන්වා දෙයි.
එමෙන්ම, ජාතික ඒකාබද්ධතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය වන බවද ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජූලි බිෂොප් මහත්මිය පවසා සිටියි.