ඔස්ට්‍රේලියාවේ, ජාත්‍යන්තර සංවර්ධනය සහ පැසිෆික් කලාපය භාර අමාත්‍ය සහ සෙනට් සභිග කොන්සෙටා ෆියෙරවන්ටි වේල්ස් මහත්මිය අප්‍රේල් 04දා සිට 07දා දක්වා මෙරට නිල සංචාරයකට පැමිණ සිටියි.
අමාත්‍යවරියගේ ප්‍රථම ශ්‍රී ලංකා සාචාරය දෙරට අතර වසර 70ක රාජතාන්ත්‍රික සබඳතා සැමරීමේ හා දිගුකාලීන ආර්ථික හා සංවර්ධන හවුල්කාරීත්වයේ සංකේතයක් බවද කියැවේ.
මෙහිදී ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 80ක සිව් අවුරුදු ආධාර වැඩසටහන, ශ්‍රී ලංකාවේ නව පරිච්ඡේදයක් අරඹනු ඇති බවද එම තානාපති කාර්යාලය පවසයි. එය කුසලතා සංවර්ධනය, කඩා පරිමාණ ව්‍යාපාර සඳහා වෙළෙඳ පොළ අවස්ථා ඇතිකරදීම, ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා සහාය ලබාදීම සහ ශ්‍රම බලකාය තුළ වෙළෙඳ සහ ආර්ථික අවකාශය තුළ කාන්තා සවිබලගැන්වීම යන කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බවද පෙන්වා දෙයි.