ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක යන මහත්වරු අතර හමුවක් පසුගිය (04දා) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සේම දෙරට අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය තව දුරටත් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට සූදානම් බව මහකොමසාරිස්වරයා එහිදී සඳහන් කළ බවද මුදල් අමාත්‍යවරයා පවසයි.