දකුණු පළාතේ සිදුවන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සහ ඔස්ට්‍රේලියානු රජයේ සහයෝගය ලැබෙන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධ නිරීක්ෂණ චාරිකාවකට ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතා සහභාගී වී තිබේ.
එම සංචාරයේදී දකුණු පළාත් රාජ්‍ය නිලධාරීන් සමග මෙන්ම, ව්‍යාපාරික පාර්ශ්වකරුවන් සමගද මහ හචිසන් මහතා සාකච්ඡා පැවැත්වූ බව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව සහ වරාය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කළ මහ කොමසාරිස්වරයා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්.එච් කරුණාරත්න සහ හම්බන්තොට දිස්ත්‍රක් වාණිජ මණ්ඩලය සමගද සාකච්ඡා පවත්වා තිබේ.
මීට අමතරව, ඔස්ට්‍රේලියානු සහයෝගය මත ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති රැසක් නිරීක්ෂණය කිරීමට හචිසන් මහතා කටයුතු කළ බව මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පවසයි.