ඔස්ට්‍රියානු ගුවන් සේවය 2015 ඔක්තෝබර් මස 27 වැනි දින සිට සතියකට වරක් ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන් ගමන් ඇරඹීමට විධිවිධාන යොදා ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් එච්.එම්.සී. නිමල්සිරි මහතා පවසයි.
මෙය ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රියාව අතර පවතින සිවිල් ගුවන් සේවා සබඳතාව ශක්තිමත් කිරීමක් බවද ඒ මහතා සඳහන් කරයි.
2014 වර්ෂයේ නොවැම්බර් මස ඉන්දුනීසියාවේ බාලි දූපතේ පැවැති ශ්‍රී ලංකා - ඔස්ට්‍රියානු සිවිල් ගුවන් සේවා ද්විපාර්ශ්වීය සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ඔස්ට්‍රියාව මෙම පියවර ගෙන ඇත.