2015 වර්ෂයේ සාමාන්‍ය මාසික නිෂ්පාදනයට සාපේක්ෂව, 2016 ඔක්තෝබර් මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවයෙහි 4.3% ක වැඩිවීමක් වාර්තා වන බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. තවද, 2015 සාමාන්‍ය මාසික නිෂ්පාදනයට සාපේක්ෂව 2016 ඔක්තෝබර් මස කඩදාසි සහ ඒ ආශ්රිත නිෂ්පාදන (23.0%) සහ ගෘහ භාණ්ඩ නිෂ්පාදනවල ( 21.5%) කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වන බවද පවසයි.
2016 ඔක්තෝබර් මස ආහාර නිෂ්පාදන අංශයෙහි 0.5% ක වැඩිවීමක් මෙන්ම, 2015 වර්ෂයේ සාමාන්‍ය මාසික නිෂ්පාදනයට සාපේක්ෂව, දැව හා ඒ ආශ්රිත නිෂ්පාදන නිෂ්පාදන (0.4%), අඟුරු සහ ඛනිජ තෙල් පිරිපහදු කිරීමේ නිෂ්පාදන (2.0%) , විදුලි උපකරණ නිෂ්පාදන (3.5%) සහ රසායනික ද්‍රව්‍යය සහ ඒ ආශ්රිත නිෂ්පාදනවල (2.3%) අඩුවීමක් වාර්තා වන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.