එළවළු මිලදී ගැනීම සඳහා කීල්ස්-කාගිල්ස් ඒවි -සරත්
උඩරට ඇතුළු පොළොන්නරු, දඹුල්ල, අනුරාධපුරය වැනි ශ්‍රී ලංකාවේ බහුලව එළවළු වැවෙන ප්‍රදේශවල එළවළු අස්වැන්න විකුණා ගැනීමේ ප්රශ්නය කඩිනම් විසඳුමක් ලෙස එම අස්වැන්න සෘජුවම ගොවීන්ගෙන් මිලදී ගැනීම සඳහා කීල්ස් සහ කාගිල්ස් ෆුඩ්සිටි වෙළෙඳ ආයතන කටයුතු කරමින් සිටින බව පැවසෙයි.
විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ මැදිහත්වීමෙන් මෙම කඩිනම් විසඳුම සැපයූ බව එම අමාත්‍යාංශය පවසයි.
මෙම එළවළු ගොවීන්ගේ ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීමක් පවත්වා තිබේ.
මීට ජනාධිපති ලේකම්වරයාත් ඊට අදාළ අමාත්‍යාංශ ලේකම්වරු, දිසාපතිවරු සහභාගී වී ඇත. මෙම සාකච්ඡාවේදී මෙම ගැටළුව පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර ඇති අතර, ඊට කඩිනම් විසඳුමක් ලෙස කීල්ස් සහ කාගිල්ස් වෙළෙඳ ආයතවලට කතා කර මෙම අස්වැන්න මිලදී ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇති බව අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, එම ආයතන විසින් ගෙවීන්ගේ අස්වැන්න මිලදී ගැනීම අරඹා ඇති බවත්, ගොවීන්ගේ මෙම ගැටලුව පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන ලෙස අදාළ ලේකම්වරුන්ට හා දිසාපතිවරුන්ට අමාත්‍යවරයා උපදෙස් ලබාදුන් බවත් එම අමාත්‍යාංශය වැඩිදුටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

