රට තුළ යළිත් ව්‍යවසායකත්ව පන්තියක් ඇතිකිරීම උදෙසා 2025 රජයේ දැක්ම මත පසුගිය අයවැයෙන් තමන් යෝජනා කළ එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ජුනි මස 22දා ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය සහ ග්‍රාමීය යටිතල පහසුකම් දියුණු කිරීමේ ගම්පෙරළිය වැඩසටහන ව්‍යාපාරික ප්‍රජාව වෙත හඳුන්වාදීමේ අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
එහිදී, ගම්පෙරළිය වැඩසටහන ඉදිරි වසර දෙක ඉලක්ක කෙරෙන බවත්, එහි පළමු වැනි ගම්පෙරළිය ප්‍රදර්ශනය මොනරාගලදී අගෝස්තු 16දා පැවැත්වෙන බවත්, ඉන් අනතුරුව අනුරාධපුර සහ යාපනය කේන්ද්‍ර කරගනිමින් ගම්පෙරළිය ප්‍රදර්ශන පැවැත්වෙන බවත් අමාත්‍යවරයා පැවසීය.