හිටපු ජනාධිපතිවරයා වත්මන් ජීවන වියදම ගැන පසුගියදා ප්‍රකාශයක් කර තිබූ බවත්, ඒ සම්බන්ධයෙන් තමන් හිටපු ජනාධිපතිවරයාගෙන් පහත දේවල්වලට පිළිතුරු අපේක්ෂා කරන බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
මුදල් අමාත්‍යවරයා මෙසේ පවසා අත්තේ පසුගියදා කොළඹදී පැවති උත්සවයක් අමතමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"අපි ආණ්ඩුව භාරගන්දි කිරිපිටි කිලෝ එක රු.962/- යි. අද 810/- යි. එදා ගෑස් රු.2,650/- යි. අද 1,350/- යි. එදා පෙට්‍රල් රු.165/- යි. අද 117/- යි. එදා ඩීසල් රු.130/- යි. අද 95/- යි. භූමිතෙල් එදා රු.95/- යි. අද 55/- යි. එදා පරිප්පු රු.220 – 240/- යි. අද 160ත් 185ත් අතර. හාල් එදා රු.60 – 150/- යි. අද 60ත් 90ත් අතර. පොල්තෙල් එදා රු.270/- යි. අද 200/- යි. පාන් එදා රු.65/- යි. ප්‍රීමා ආයතනය කියන්නෙ නැතුව මිල වැඩි කරල තියෙද්දිත් අද පාන් 55/- යි. සීනි එදා රු.116/- යි. අද 87/- යි. ටින් මාළු එදා රු.202/- යි. අද 135/- යි. අර්තාපල් එදා රු.128/- යි. අද 105/- යි. ලොකු ලූණු එදා රු.125/- යි. අද 65ත් 80ත් අතර. මුං ඇට එදා රු.314/-යි. අද 245/- යි. රතු සීනි එදා රු.119/- යි. අද 97/- යි. සිමෙන්ති එදා රු.925/- යි. අද 870/- යි. ඉතින් අපි අහනව හිටපු ජනාධිපතිවරයාගෙන් විලි ලැජ්ජාවක් නැතුව එදා තත්ත්වෙ අමතක වෙලා මේ විදියට කිවුවාම මොකද වෙන්නෙ කියල. ඒ වගේම අපි අහනව ජනමාධ්‍යයෙන්, ඔබ සියලු දෙනාටම එදා තිබුණ තත්ත්වෙත්, අද තියෙන තත්ත්වෙත් තේරෙන්නෙ නැද්ද? එදා කිවුව දේ සහ අද තියෙන දේයි අතර කොච්චර වෙනසක් තියෙනවද? අපි විතරක් නෙවෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා විස්මයට පත්වෙලා ඉන්නෙ." යනුවෙන් පවසා සිටියේය.