ශ්‍රී ලංකාවේ ගංවතුර හා නායයෑම්වලින් බලපෑමට ලක්වූ ජනතාව සඳහා රු.මිලියන 350ක පමණ (ඇ.ඩො.මිලියන 2.3ක) මානුෂීය ආධාර ලබාදීමට ඇමෙරිකාව එකඟත්වය පළ කර තිබේ.
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කෙෂාප් මහතා මේ පිළිබඳ නිල වශයෙන් දැනුම් දී ඇති අතර, මෙම ආධාර අතරට සුරක්ෂිත පානීය ජලය, සෞඛ්‍ය ආම්පන්න කට්ටල, සෙවණ ලබාදෙන ද්‍රව්‍ය, නිවාස පිළිසකර කිරීමේ මෙවලම් හා රෝග පැතිරීම වළක්වන සෞඛ්‍ය සේවා ආදිය පවතින බවද තානාපති කාර්යාලය පවසයි. එහිදී, මෙම ආධාරවලින් කොටසක් සර්වෝදය හරහා ලබාදෙනු ඇති බවද තානාපති කාර්යාලය පෙන්වා දෙයි.
&අපේ රටවල ඉතිහාසය පුරාම ඇමෙරිකානු ජාතිකයන් හා ශ්‍රී ලාංකිකයන් අතර ගැඹුරු බැඳීමක් තිබුණා. අවශ්‍ය අවස්ථාවන් හිදී රටවල් දෙකෙහිම ජනතාව එකිනෙකාට පිහිට වී තිබෙනවා* යැයි තානාපති කෙෂාප් පවසා තිබේ. වර්ෂ 1972 දී ඇගනස් චණ්ඩ මාරුතයේ බලපෑමට ලක්වූ ඇමෙරිකානු ජනතාවට ශ්‍රී ලංකා තේ පරිත්‍යාග කර ඇති ආකාරයද තානාපතිවරයා මෙහිදී සිහිපත් කර ඇත.
මෙම ආධාර USAID ආයතනයේ කොටසක් වන එක්සත් ජනපද විශේෂ ආපදා කාර්යාලය (OFDA) මගින් ලබාදෙනු ඇති බවත්, එම කාර්යාලය දැනට ශ්‍රී ලංකාවේ ආපදා ආධාර හා ආපදා අවදානම අවම කිරීම සඳහා දළ වශයෙන් රු.බිලියන 19ක (ඇ.ඩො. 125ක) පමණ මුදලක් සපයා ඇති බවත් තානාපති කාර්යාලය පවසයි.
අනාගත ආපදාවල අවදානම අඩුකිරීමේ දීර්ඝ කාලීන ව්‍යාපෘතිවලටද ඇමෙරිකාව දිගටම ආධාර කරන බවත්, ආරක්ෂිත පානීය ජලය සැපයීම සහතික කරන ආපදාවන්ට ඔරොත්තු දෙන ජලපද්ධතියක් පිහිටුවීම, හදිසි ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීමේ පද්ධති දියුණු කිරීම හා ආපදා ප්‍රතිචාර හා කළමනාකරණ හැකියා ශක්තිමත් කිරීම සඳහා USAID ආයතනය රජය හා ප්‍රාදේශීය ප්‍රජාව සමග කටයුතු කර ඇති බවත් පෙන්වා දෙයි. එමෙන්ම, ස්වභාවික විපත්වලින් අවතැන් වන අයට තාවකාලික සෙවණ සපයන පාසල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිකිරීමට 2011 වසරේ ඇමෙරිකානු තානාපති කාර්යාලය රු.බිලියන 2.3කට (ඇ.ඩො.මිලියන 15ක) වැඩි මුදලක් සපයා ඇති බවද ඔවුහු වැඩිදුරටත් පවසති.