කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සංවිධානය කළ "උපාධිධාරී ව්‍යාපාර උදානය" වැඩසටහන මගින් සරසවි උපාධිධාරීන් 32නෙකුට ස්වයං රැකියා සඳහා මූල්‍යාධාර ලබාදීම පසුගියදා සිදුවිය.
මෙහිදී කැලණිය, යාපනය, පේරාදෙණිය හා රජරට යන විශ්වවිද්‍යාලවල තෝරාගත් උපාධිධාරී සිසුන්ට නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා මූල්‍යමය ප්‍රතිපාදන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අතින් පිරිනැමුණි.
එහිදී එක් සිසුවෙකුට රු.150,000කට ආසන්න මුදලක් පරිත්‍යාග ලෙස ලැබුණු අතර, මෙම සිසුන්ට ව්‍යාපාර සඳහා අවශ්‍ය වන මූලික දැනුම හා පුහුණුව NEDA ආයතනය මගින් නොමිලේ ලබා දී තිබුණි. සිසුන්ට ලබා දුන් ප්‍රතිපාදනවල මුළු වටිනාකම රු.4,484,500ක් බව අමාත්‍යාංශය පවසයි.