ලෝක ආහාර වැඩසටහන යටතේ උතුරේ පාසල් දරුවන්ගේ දිවා ආහාරය වේල සඳහා බෙදාදීම පිණිස ජපන් රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත පරිත්‍යාග කළ ටින් මාළු තොගය ප්රදානය කිරීම ඊයේ (02දා) මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.
එහිදී, ජපාන තානාපති නොබිහිතෝ හොබෝ සහ ලෝක ආහාර සංවිධානයේ නේවාසික අධ්යක්ෂ ස්මයිල් ඔමාර් යන මහත්වරු විසින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත එම ටින් මාළු තොගය සංකේතාත්මකව ප්රදානය කරන ලදී.