ශ්‍රී ලාංකික ජනතාවගේ සමාජීය සංවර්ධනය සඳහා එක්සත් ජනපදයේ නිරන්තර කැපවීම තහවුරු කරමින් ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සතියේ නව පාසල් පහසුකම් සහ අධ්‍යාපන අවස්ථාවන් උතුරු පළාත වෙතද ලබාදුන් බව ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.
වැඩබලන තානාපති ඇන්ඩ්රැ මෑන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී තානාපති කාර්යාලය නියෝජිතයන් නව පන්ති කාමර සහිත ගොඩනැගිලි විවෘත කළ අතර, පොත් බෙදාදී යාපනයේ ඇති ඇමෙරිකානු පියසේ නොමිලයේ පවත්වන අධ්‍යාපන වැඩසටහන්ද හඳුන්වා දී තිබේ.
රුපියල් මිලියන 98ක වියදමින් කිලිනොච්චි සහ මුලතිව් ප්‍ර‘දේශවල ඇති පාසල් තුනක ඉදිකර ඇති නව පන්ති කාමර සහ ගුරු විවේකාගාර, මෑන් මහතා ඇතුළු තානාපති කාර්යාල නිලධාරීන් විසින් විවෘත කර තිබේ. මෙම පාසල් තුළ ඇති නව පහසුකම් අතරට විදුලිබල පද්ධති සහ වැසි ජලය රැස්කිරීමේ පද්ධතිද ඇතුළත් වේ. මේ අනුව එක්සත් ජනපදය විසින් ලබාදුන් රු.මිලියන 910 අධික මූල්‍යාධාර තුළින් උතුරු පළාතේ පාසල් සංවර්ධනයට කිරීමට නියමිතය.