උදාවන සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව සමය නිමිති කර ගනිමින් මහජන බැංකුව එක් දිනක් තුළ ලබාගත හැකි විශේෂිත ණය පහසුකමක් හඳුන්වා දී ඇති බව එම බැංකුව පවසයි. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ස්ථිර සේවයේ නියුතු වූළුන් වෙනුවෙන් හඳුන්වාදී ඇති මෙම පහසුකම මගින් රු.100,000/- ක් දක්වා එක් ඇපකරුවෙකු මත ණය පහසුකම් ලබාගැනීමේ හැකියාව සලසා දී ඇති බව පවසයි.
මෙම ණය පහසුකම මාස 12ක ආපසු ගෙවීමේ කාලයක් සඳහා ලබාගත හැකි අතර, රු.100,000/- ක ණය මුදල සඳහා ගෙවිය යුතු මාසික ණය වාරිකය රු.8,885/- ක් බවද පෙන්වා දෙයි. මෙම පහසුකම අප්‍රේල් 30 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත්, පසුගිය මාස දෙකෙහි වැටුප් පත්‍රිකාවකද සමග ළඟම ඇති මහජන බැංකු ශාඛාවට පිවිසීමෙන් ඔබටත් මෙම සුවිශේෂී ණය පහසුකම හිමිකර ගත හැකි බව මහජන බැංකුව පවසයි.