ගුවන්, වාණිජ, නාවික සේම දැනුමේ කේන්ද්‍රයක් බවට ශ්‍රී ලංකාව පත් කරන බවත්, ජනතාවගේ උගත් කමට සරිලන ආර්ථිකයක් බිහිකිරීම වගකීම ලෙස සලකන අතර, සේවා නගරය, මූල්‍ය නගරය, වාණිජ නගරය යා කරමින් නව මාර්ග පද්ධතියක් මෙන්ම, පිටකොටුවට නව ප්‍රධාන ප්‍රවාහන සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (27දා) බස්නාහිර පළාත් මහානගර සංවර්ධන සැලැස්මට අනුව සේවා නගරයේ (Logistics City)පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු මුතුරාජවෙල කර්මාන්ත කලාපයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, ‘පාරිසරික ගැටළු, නීති ගැටළු, සමාජ ගැටළු ආදී විවිධ ගැටළුකාරී තත්වයන් පැන නැගුණු වරාය නගරයට, සියළු ගැටළු නිරාකරණය කර අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව මූල්‍ය නගරය ලෙස නව මුහුණුවරකින් නැවත කි‍්‍රයාත්මක කිරීමට හැකි වී තිබෙන අතර එය ඉතාම සාර්ථකව මේ වනවිට 30%ක් පමණ ප්‍රමාණයක් වැඩ අවසන් කර තිබෙන බවත්, 2019 දී ආයෝජනය සඳහා වෙන්දේසි කිරීමට තිබූ හෙක්ටෙයාර් 269 ක භූමි ප්‍රමාණය වසරකට පෙර එනම් 2018 වන විට අපට වෙන්දේසි කිරීමට හැකියාව ලැබී තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.
එම සැලසුමේ දෙවන ව්‍යාපෘතිය වන බේරේ වැව අවට ප්‍රදේශ සංවර්ධනය ද මේ වන විට සිංගප්පූරු රජයේ සහයෝගය ඇතිව ආරම්භ කර තිබෙනවා. ලබන වසර වන විට බේරේ වැව ආශ්රිත ප්‍රදේශයේ පදිංචිව සිටින පැල්පත්වාසීන්හට ස්ථිර නිවාස ලබාදී එම ප්‍රදේශය මූල්‍ය නගරයට සමගාමීව, ප්‍රධාන වාණිජ නගරය ලෙස දියුණු කිරීම සිදු කරනු ලබන බවද, හෝමාගම සිට මාලබේ දක්වා ප්‍රදේශය රජයේ ප්‍රධාන අරමුණ වන නවඋත්පාදන නගරය, ආයතන 16 ක සහයෝගයෙන් ඉදි කිරීමේ කටයුතු ද පසුගිය වසරේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වැඩ ආරම්භ කර තිබේ. 2020 වන විට විශාල පරිමාණයේ වෘත්තීය නගරයක් ලෙස මෙරටට පමණක් සීමා නොවී ලෝකය සඳහා නවඋත්පාදන සේවා සපයන මධ්‍යස්ථානයක් ලෙස එය පත් කිරීමට නියමිතයි. එහි එක් තවත් එක් අදියරයක් ලෙස සේවානගරය නැතහොත්, ප්‍රවර්ධන නගරය මුළු මනින්ම දියුණු කිරීමට බලාපොරොත්තු වන බවයි. මූල්‍ය නගරයට, කොටුව වාණිජ නගරය යා කරමින් නව කැළණි පාලමක් හරහා 2020 වන විට පිටකොටුවේ ඉදිවී අවසන් කෙරෙන ප්‍රවාහන මධ්‍යස්ථානයත්, ප්‍රවාහන ක්ෂෙත්රයේ දියුණුවත් සමග එයට සේවා නගරය සම්බන්ධ කිරීමට බලාපොරොත්තුවේ. එම ප්‍රවාහන මධ්‍යස්ථානයේ වැඩකටයුතුත් ලබන වසරේ විධිමත් සැලසුමකට අනුව පියවරෙන් පියරව ආරම්භ කිරීමට නියමිත බවයි.
මෙයට අමතරව ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතිව ඩොලර් මිලියන 7000ක ආයෝජනයෙන් සැහැල්ලූ දුම්රිය සේවා හා බස්රථ ඇතුළු පොදු ප්රවාහණය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කිරීමට නියමිතය. එහි පළමු පියවර ජපාන රජයේ සහයෝගය ඇතිව මේ වන විට සිදුකෙරෙමින් පවතී. එසේම ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය ඇතිව දැනට පවතින ප්‍රවාහන ක්ෂෙත්රයද වැඩිදියුණු කිරීම සිදුකෙරේ. එසේම බත්තරමුල්ල ප්‍රදේශයේ ප්‍රධාන පරිපාලිත නගරයට අදාල ගොඩනැගිලි ඉදිකිරීම් මේවන විට සිදුවෙමින් පවතී. අනාගත ජල අවශ්‍යතා, බලශක්ති අවශ්‍යතා, කැලිකසල කළමනාරණය සේම ගංවතුර පාලන සඳහා විධිමත් සැලැස්මක් ඇතිකර කි‍්‍රියාත්මක කිරීමට නියමිතය. නොවිධිමත් නාගරික කරණයක සිට විධිමත් නාගරිකකරණයක් කරා සහ අවිධිමත් සංවර්ධනයක සිට පරිසරය සුරකින විධිමත් සංවර්ධනයක් කරා, ශී‍්‍ර ලංකාවේ සැගවී තිබූ මහා ධන නිධානය, නොඑසේනම් ඉන්දියානු සාගරයේ පිහිටීමේ වැදගත්කම උපරිම අයුරින් යොදවා ගැනීමට කටයුතු කරන බව ද පැවසීය.
ශ්‍රී ලංකාවේ වාසිය වන මේ විශේෂ භූගෝලීය පිහිටීම භාවිත කර ගුවන්, වාණිජ, නාවික සේම දැනුමේ කේන්ද්‍රයක් බවට මෙරට පත්කිරීම අරමුණ වනවා සේම සාපේක්ෂ වාසිය වන ජනතාවගේ උගත්කමට සරිලන ආර්ථිකයක් මුදා හැරීම සඳහා දැනුම පදනම් කර ගත් ආර්ථිකයක් යෝජනා කර ඇත. මේ උපාය මාර්ග දෙක මගින් සාපේක්ෂ වාසිය හරහා සැගවී තිබූ දැනුමේ ප්රභවය වගේම පිහිටීමේ ප්රභවය පාවිච්චි කර ශ්‍රී ලංකාව නමැති දිවයින මහද්වීපයක් බවට පරිවර්ථනය කිරීමේ වැඩසටහනට ඔබ සැම දායක වූ බවට දිනක ඉතිහාසයේ සටහන් වෙතැයි’ ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.