ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපන ක්ෂේත්රයේ සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව සාකච්ඡාවක් ඉන්දීය අධ්‍යාපන ක්ෂේත්රයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පවත්වා තිබේ.
ඉන්දියාවේ සනාවර්හි ලෝරන්ස් විද්‍යාලයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (26දා) අරලියගහ මන්දිරයේදී මෙම හමුව පවත්වා ඇත.
ලෝරන්ස් විද්‍යාලය සහ ශ්‍රී ලංකාව අතර ශිෂ්‍ය හුවමාරු ක්‍රමයක් ආරම්භ කිරීම පිළිබඳවද එහිදී සාකච්ඡාවට බඳුන් වී ඇත.
මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධූ, ලෝරන්ස් විද්‍යාලයේ ප්‍රධානාචාර්ය විනායි පාන්ඩේ, එම විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.