මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ ඉන්දීය මුදල් අමාත්‍ය අරුන් ජෙට්ලි යන මහත්වරුන් අතර හමුවක් පසුගියදා සිදුවිය.
දෙරටට වැදගත් වන ආර්ථික කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානයට ලක්වූ බවත්, ආසන්නතම අසල්වැසියා ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිතුදම සිහිපත් කළ අමාත්‍යරු එම බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දුන් බවත් මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
දකුණු ආසියානු උප කලාපීය ආර්ථික සහයෝගීතා සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට ගිය අතරතුර මෙම හමුව සිදුව තිබේ.