ඉන්දීය ටාටා සමූහයේ නියෝජිත පිරිසක් සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් අද (27දා) මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි. එම සමූහයේ ව්‍යාපාර සංවර්ධන අංශ ප්‍රධානී මදූ කන්නන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූ අතර, ශ්‍රී ලංකාව තුළ මතුව ඇති නව ආර්ථික වටපිටාව තුළ සිය ආයෝජන සිදු කළ හැකි ආකාරය පිළිබඳ අධ්‍යයනය ඔවුන්ගේ මෙම සංචාරයේ අරමුණ වී තිබේ.