ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ආයෝජනයට සූදානමින් පසුවන බවත්, රට තුළ තොරතුරු තාක්ෂණ උද්‍යානයක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවකින් පසුවන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් පවසා සිටියාය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ, පසුගිය 06 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ වූ 'Rise of Digital India' ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
ඉන්දු - ලංකා ඒකාබද්ධ කොමිසමේ 9 වැනි සැසිවාරයට සහභාගිවීම සඳහා පසුගිය 05 වැනිදා දෙදින නිල සංචාරයක් වෙනුවෙන් ඇය දිවයිනට පැමිණ තිබුණාය.
"ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීම මහතා සමග පැවති ඒකාබද්ධ කොමිසමේ, 09 වැනි සැසිවාරයේදී දෙරටටම වාසිදායක ලෙස මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය ඉහළ නැංවීමේ හැකියාව සම්බන්ධයෙන් අප සාකච්ඡාවක යෙදුණා.
එහිදී, තොරතුරු හා ඩිජිටල් තාක්ෂණ ක්ෂේත්රයෙන් දෙරට අතර ඇති කරගන්නා සහයෝගීතාවයේ අතිවිශාල අවස්ථා ඇති බව අපට පෙනී යනවා. ඉන්දියාව මේ වනවිට තොරතරු තාක්ෂණ ක්ෂේත්රයේ සුවිශේෂී වර්ධනයක් සිටින අතර, මේ ක්ෂේත්රයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාදීමට ඉන්දියාවේ ඇති සූදානම මා මෙහිදී සපථ කරනවා" යැයි අමාත්‍යවරිය පවසා සිටියාය.