නව රැකියා අවස්ථා රැසක් නිර්මාණය කිරීම සඳහා විශේෂ වැඩසටහන් ගණනාවක් පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය පවසා සිටියාය.
ලක් වනිතා සභාපතිනියද වන ඇය මෙසේ පවසා සිටියේ පසුගිය 14 වැනිදා දයාසරණ සංවර්ධන පදනමේ කාන්තා සමිති බලගැන්වීමේ වැඩසටහනට සහභාගී වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරිය,
"අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේ දී නව රැකියා අවස්ථාවන් රැසක් නිර්මාණය කරන්න. දයා ගමගේ ඇමතිතුමාත් මමත් මේ ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථාවන් උදාකිරීම පිළිබඳ විශේෂ වැඩසටහන් ගණනාවක් පිළිබඳ සාකච්ඡා කරමින් ඉන්නවා.
මීට සමගාමීව අපි කාන්තාවන් ඉලක්ක කරගෙන ස්වයං රැකියා උත්පාදන වැඩසටහන් ආරම්භ කරනවා. ඒ වෙනුවෙන් දයා ගමගේ ඇමතිතුමාගේ මූලිකත්වයෙන් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ගම්මිරිස් වගා වැඩසටහනක් ආරම්භ කරනවා. ඒ වගේම කාන්තාවන් මූලික කර ගනිමින්, මල් වගා වැඩසටහන් බතික් කර්මාන්ත ප්‍රවර්ධන වැඩසටහන්, හතු හා බිම්මල් වගා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ වගේම, විහාරස්ථාන 50ක් ආශ්‍රිතව පවත්වාගෙන යන දහම් පාසල් සඳහා නව ගොඩනැගිලි ඉදිකිරීමත් අපේ බලාපොරොත්තුවක්." යැයි පවසා සිටියාය.
මේ අතර, දයාසරණ සංවර්ධන පදනමේ කාන්තා සමිති බල ගැන්වීමේ තවත් වැඩසටහන් මාලාවක් එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මියගේ ප්‍රදානත්වයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ මාන්තොට්ටම වෙහෙරගල, දමන තිඹිරිගොල්ල සහ පරගහකැලේ යන ප්රදේශවලදීද පැවැත්විණි.