ඉදිකිරීම් ක්ෂේත්රයේ පසුගිය කාර්තුවේ වර්ධන වේගය 21.6% වඩා වැඩි වී ඇති බවත්, එය සාමාන්‍යයෙන් මෙතෙක් පැවති 5%, 6% වර්ධන වේගය සමග සැසඳීමේදී විශාල වර්ධනයක් බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙසේ අදහස් පළ කළේ රත්මලානේ පිහිටි රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ (SD &CC) 42 වැනි සංවත්සරය හා සේවක උපහාර උලෙළට එක්වෙමිනි.
“ඉදිකිරීම් ක්ෂේත්රයේ පසුගිය කාර්තුවේ වර්ධන වේගය 21.6% වඩා වැඩි වී තිබෙනවා. සාමාන්‍යයෙන් මෙතෙක් එම වර්ධන වේගය පැවතියේ 5%, 6% වර්ධන වේගයක් පමණයි. රජය විසින් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඉතා විශාල ආයෝජනයක් මේ යුගයේ සිදුකර තිබෙනවා. ඒ හා නොදෙවෙනි ආකාරයට පෞද්ගලික අංශයත් ඉදිකිරීම් ක්ෂේත්රයේ සුවිශාල සංවර්ධනයක් සිදුකරමින් යනවා. කොළඹ නගරයේ ගමන්කරන විට අපිට පෙනෙන කාරණයක් තමයි අලුතින් ඉදිවන දැවැන්ත ගොඩනැගිලිවලින් කොළඹ නගරය අද වනවිට ආවරණය වෙමින් පවතිනවා.”
“ඒ වගේම සාමකාමී පිරිසරය තුළින් සංචාරක ක්ෂේත්රයේ ඇතිවී තිබෙන පිබිදීමද මේ නව ඉදිකිරීම් මෙසේ වර්ධනය වීමට බලපා තිබෙනවා. ඒ වගේම යුද්ධය තිබුණු ශ්‍රී ලංකාවට ආවට වඩා නව ආයෝජකයන් යුද්ධය නැති ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් එනවා. ඔවුන් කුමන ආයෝජනය සඳහා ආවත් එය පටන්ගන්න වෙන්නේ ඉදිකිරීමකිනුයි. ඒ නිසා මේ ඇති වී තිබෙන නව ඉදිකිරීම් අවස්ථා වැඩි වැඩි වශයෙන් රාජ්‍ය ඉදිකිරීම් ආයතන විසින් අත්පත් කරගත යුතුයි.” යනුවෙන් මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වා තිබේ.