ඇෆ්ගනිස්තාන ජනාධිපති හමීඩ් කර්සායි හා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (6දා) පැවති ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් පසුව දෙරට අතර සහයෝගීතා ගිවිසුම් 4 ක් අත්සන් තිබිණි.
1. ඇෆ්ගනිස්ථාන හෙදියන් ශ්‍රී ලංකාවේදී පුහුණු කිරීමේ සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුම - ශ්‍රී ලංකාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් මහජන සෞඛ්‍ය ඇමතිනී සොරයියා ධාලීල් මහත්මිය ඊට අත්සන් කළහ.
2. අධ්‍යාපන ක්ෂේත්රයේ සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුම. - ශ්‍රී ලංකාව වෙනුවෙන් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා සහ ඇෆ්ගනිස්ථානයේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය ඔබයිදුල්ලා ඔබයිද් යන මහත්වරු ඊට අත්සන් තැබූහ.
3. ශ්‍රී ලංකාවේ පුහුණු සහ වෘත්තීය ශ්‍රම බලකායට ඇෆ්ගනිස්තානයේ රැකියා සම්පාදනය සඳහා ගිවිසුම. - විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සහ ඇෆ්ගනිස්තානයේ ශ්‍රමබල, සමාජ කටයුතු, වීරවරයන් හා ආබාධිතයන් පිළිබඳ අමාත්‍ය අමීනා සාෆී අෆ්සාලී මහත්මිය ඊට අත්සන් තැබූහ.
4. ක්‍රීඩා ක්ෂේත්රයේ අවබෝධතා ගිවිසුම. - ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ශ්‍රම බල සමාජ කටයුතු, වීරවරයන් හා ආබාධිතයන් පිළිබඳ අමාත්‍ය අමීනා සාෆි අෆ්සාලී මහත්මිය ඊට අත්සන් තැබූහ.
.gif)