එක්සත් ජනපද කොංග්‍රසයේ ශ්‍රී ලංකාවට ඇති ද්වි පාක්ෂික සහාය සනිටුහන් කරමින් එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ද්වි පාක්ෂික නියෝජිත කණ්ඩායමක් මැයි 29 සහ 30 යන දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී තිබේ.
එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලයේ හමුදා සේවා කමිටුවේ සභාපති මැක් තෝන්බෙරි (රිපබ්ලිකන් - ටෙක්සාස්) මෙම කණ්ඩායමේ නායකත්වය දරා ඇත.
මෙම සංචාරය තුළදී නියෝජිත පිරිස ජනපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය, විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, විදේශ අමාත්‍යාංශ ලේකම් ප්‍රසාද් කාරියවසම්, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කපිල වෛද්‍යරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සිවිල් සමාජ සාමාජිකයන් හමුවී තිබේ.
මෙම නියෝජිත පිරිස කොංග්රස් සභික හෙන්රි කුයිලර් (ඩිමොක්‍රැට් - ටෙක්සාස්), කොංග්රස් සභික විකී හාර්ට්සිලර් (රිපබ්ලිකන් - මිසූරි) සහ කොංග්රස් සභික කැරෙල් ෂියා පෝර්ටර් (ඩිමොක්‍රැට් - නිව් හැම්ප්ෂයර්) යන අයගෙන් සමන්විත වූ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.