ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංවර්ධන සහයෝගීතාව පිළිබඳ එරට විදේශ කටයුතු අමාත්‍යවරිය සහ මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කටයුතු කර තිබේ.
නව දිල්ලියේ, ජවහල්ලාල් නේරු භවන් හිදී ඊයේ (13දා) විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය හමුවී සාකච්ඡා කළ මංගල සමරවීර මහතා, එදිනම ඉන්දීය මුදල් අමාත්‍ය අරුන් ජෙට්ලි මහතාද හමුවී සාකච්ඡා කර ඇත.
මෙම සාකච්ඡාවේදී මේ වනවිට ඉන්දීය සහයෝගය ඇතිව සිදුවන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.