කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයෙහි (CIMA) වාර්ෂික මහා සභා රැස්වීමේදී එම ආයතනයේ 83 වැනි සභාපති ලෙස ඇන්ඩෲ මිස්කින් (FCMA, CGMA) මහතා තෝරා පත්කර ගෙන තිබේ. කළමනාකරණ උපදේශකයෙක් ලෙස වසර 25 ක පලපුරුද්දක් ඇති ඇන්ඩෲ මහතා මින් පෙර CIMA කවුන්සිලයේ සාමාජික සේවා කමිටුවේ සභාපතීත්වය සහ CIMA විධායක කමිටුවේ නියෝජ්‍ය සභාපතීත්වය ඇතුළුව CIMA ආයතනයේ විවිධ තනතුරුවල වගකීම් දරා ඇත්තෙකි.
සභාපතීත්වය දරන කාලය තුළදී ඇන්ඩෲ මහතා CIMA ආයතනයේ පාලන කටයුතුවල ප්‍රධානත්වය ගෙන ක්‍රියාකිරීම, CIMA මෙන්ම කළමනාකරණ ගණකාධිකරණය වෙනුවෙන් පෙනී සිටීම යන වගකීම් දරනු ඇති බවද කියයි. එමෙන්ම, ඔහු සභාපතීත්වයට පත් වූ දිනම CIMA සාමාජිකයන් අතර පැවති ඡන්ද විමසීමකට අනුව CIMA සහ සහතිකලත් පොදු ගණකාධිකාරීවරුන්ගේ ඇමෙරිකානු ආයතනය (AICPA) එක් වී නව ආයතනයක් ඇරඹීමේ යෝජනාවට අනුමැතිය ලබාදුන් හෙයින් මෙම නව ආයතනය බිහිකිරීමේ ක්‍රියාවලියට පුරෝගාමීත්වය දීමද ඔහුට අයත් වගකීමක් වනු ඇති බව පෙන්වා දෙයි.
ඇන්ඩෲ මිස්කින් මහතා කළමනාකරණ උපදේශකයෙක් ලෙස සේවයේ යෙදී සිටි කාලය තුළදී ප්‍රංශය, ඉරාකය, ස්විට්සර්ලන්තය සහ යුක්රේනය ඇතුළුව ලෝකයේ රටවල් ගණනාවක සේවය කර හා වාසය කර ඇත. Esso, KPMG, IBM, CSC සහ PricewaterhouseCoopers යන ආයතනයන රැසක ජ්‍යෙෂ්ඨ තනතුරු දරා ඇති ඔහු, වරලත් ඉංජිනේරුවරයෙකුද වන අතර, ඉංජිනේරු සහ තාක්ෂණික ආයතනයේ සාමාජිකයෙකුද වේ. ඔහු Worshipful Company of Management Consultants මගින් පුණ්‍යාධාර සේවයක් ලෙස පවත්වාගෙන යන කටයුතුවලදී සිය උපදේශන සේවය ලබාදෙන්නේ කිසිදු අය කිරීමකින් තොරව බවද එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.