එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 'ආසියානු හා පැසිෆික් කලාපීය සමාජ ආර්ථික කොමිසමේ' සැසිවාරය (Economic and Social Commission for Asia and Pacific – ESCAP) හෙට (02දා) තායිලන්තයේ බැංකොක් නුවරදී ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සැසිවාරයට සහභාගි වීම සඳහා විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා තායිලන්තයේ බැංකොක් නුවර බලා හෙට (02දා) පිටත්ව යෑමට නියමිතය.
මෙම ආසියා පැසිෆික් සමුළුව හෙට (02දා) සිට මේ මස 04 වැනිදා දක්වා බැංකොක් නුවරදී පැවැත්වෙනු ඇත. මෙම ආසියා පැසිෆික් සමාජ ආර්ථික කොමිසමේ සැසිවාරයේදී ආචාර්ය සරත් අමුණුගම මහතා විශේෂ දේශනයක් පවත්වන අතර, ඒ මහතා මේ මස 05 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතය.