ආසියා පැසිෆික් සමාජ ආර්ථික කොමිසමේ 70 වැනි සමුළුව (UNESCAP) තායිලන්තයේ බැංකොක් නුවර එක්සත් ජාතින්ගේ සම්මන්ත්රණ ශාලාවේදී සාර්ථකව පැවැත්විණි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවය පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා මෙම සමුළුවට සහභාගි විය. මෙහි දැක්වෙන්නේ, ආචාර්ය අමුණුගම මහතා සමුළුවට සහභාගි වී සිටි ආකාරයයි. භූතාන අගමැති ටිෂරින් ටොබේ මහතාද අමාත්‍යවරයාට වම් පසින් සිටී.