ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා සහාය දැක්වීමට යුරෝපා සංගමය කැමැත්ත පළ කර තිබේ.
2017 අයවැය මගින් ශ්‍රී ලංකා රජය අපේක්ෂිත ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලට සහාය දැක්වීමක් ලෙස මෙම සහාය ලබාදෙන බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ටුන්ග් ලයි මාගියු මහතා පසුගිය 16දා මුදල් අමාත්‍යාංශයේදී අමාත්‍ය රවි කරුණානායක මහතා හමුවූ අවස්ථාවේදී මෙම අදහස් පළ කර තිබේ.
ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධන කටයුතුවලදී යුරෝපා සංගමය ලබාදෙන සහාය අගයකළ අමාත්‍ය රවි කරුණානායක මහතා මෙවැනි තත්ත්වයන් තුළින් ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වන බවද පෙන්වාදී තිබේ.