ගංවතුර, නායයෑම් වැනි හදිසි ආපදා තත්වයන් නිසා පීඩාවට පත්ව ඇති ජනතාවට, එම ප්‍රදේශවල පිහිටි ලංකා සතොස අලෙවි සැල් මගින් අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඉල්ලීම්වලට අනුව වහාම ලබාදීමට පියවර ගන්නා මෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය ලංකා සතොස පාලනාධිකාරියට හා කළමනාකරුවන් සියලු දෙනාට දන්වා තිබේ.
එසේම ගංවතුර ආපදාව වැඩි ප්‍රදේශවල පවතින ලංකා සතොස ගබඩා පහසුකම් තවදුරටත් පුලුල් කරමින් අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව ගබඩා කර ගන්නා ලෙසද, සියලුම ලංකා සතොස අලෙවිසැල්වලට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය තොග යාවත්කාලීන කර පවත්වාගෙන යන ලෙසද, එම සතොස අලෙවිසැල් වල සේවය අවශ්‍ය හැම විටම ලබාදීමට සූදානමින් සිටින ලෙසද ඔවුන්ට වැඩිදුරටත් දන්වා තිබේ.