ගංවතුරෙන් සහ නායයෑම්වලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇ.ඩො.මිලියන 2ක (රු.මි.300ක් පමණ) ප්‍රදානයක් ලබාදීමට එකඟතාව පළ කර තිබේ.
ඊට අදාළ ගිවිසුම පසුගිය ඊයේ (09දා) මුදල් අමාත්‍යාංශයේ දී අත්සන් තබා ඇති අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි ශ්‍රී ලංකාවේ නේවාසික කාර්යාල ප්‍රධානී ටාඩාටේරෝ හයාෂි මහතා අත්සන් තැබූ බව අමාත්‍යාංශය පවසයි.
ආසියානු සංවර්ධන බැංකුවේ ආසියා පැසිෆික් ආපදා ප්‍රතිචාර පදනම මගින් ලබාදෙන මෙම ආධාර මගින් ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය කියයි.