අඩ සියවසකටත් වඩා පැරණි ආනයන අපනයන දෙපාර්තමේන්තුව ඊයේ (22දා) සිට බලපත්‍ර ලබාදීම අන්තර්ජාලය හරහා සිදුකිරීම ආරම්භ කර තිබේ.
ඒ අනුව, දැන් තමන් සිටින තැනක සිට අන්තර්ජාලය හරහා අයදුම්පත්‍රය ඉදිරිපත් කළ හැකි බවත්, අයදුම්පත්‍රය ලැබීමත් සමග අයදුම්කරුගේ දුරකථනයට කෙටි පණිවිඩයක් මගින් මුරපදයක් (Password) ලැබෙන බවත් සඳහන් වේ.
එම මුරපදය උපයෝගී කර ගනිමින් අන්තර්ජාලය හරහා තමාගේ අයදුම්පත් ක්‍රියාත්මක වන ආකාරය අයදුම්කරුට දැනගැනීමේ පහසුකම් මේ අනුව සිදුවේ.
මීට සමගාමිව ආනයන අපනයන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ජනගත කිරීමද සිදු කර තිබුණි. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්ර.ම හා එම රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම් සිදු කෙරිණි.