ආණ්ඩුවක් ලෙස සෑම විටම මහ නාහිමිවරුන්ගේ අදහස් අනුවම කටයුතු කරන බවත්, ඒ උපදෙස් අනුව කටයුතු කරමින් රට සංවර්ධනය කරා රැගෙන යන බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පසුගිය 01 වැනිදා පෙරවරුවේ දළදා මාලිගාවට ගොස් දළදා වහන්සේ වැඳපුදා ගෙන, මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ පවසා සිටියේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ආණ්ඩුවක් විදියට අපි හැම වෙලාවෙම මහ නා හිමිවරුන්ගේ අදහස් අනුවයි කටයුතු කරන්නෙ. උන් වහන්සේලාගේ උපදෙස් අනුව කටයුතු කරමින් රට සංවර්ධන කරමින් ඉන්න මේ අවස්ථාවේදී ඇතැම් පිරිස් අපට විවිධ චෝදනා එල්ල කරනවා. අද රට හරි මාර්ගයේ ගමන් කරමින් තියෙනවා. අද අපි වැරදියි කියල කුහකත්වයෙන් චෝදනා කරන අය හෙට කියයි, අපි කරන දේවල් හරි කියලා.
ඇතැම් පාර්ශ්ව චෝදනා කරනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, ලෝක බැංකුවේ උපදෙස් අනුව අපි කටයුතු කරනවා කියලා. අපට අපේ ආර්ථිකය හදාගන්න කිසි කෙනෙකුගේ න්‍යාය පත්රයකට අනුව වැඩ කරන්න ඕනෙ නෑ. අපට අවශ්‍ය ආයෝජන ලැබෙමින් තියෙනවා. ඒවා ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාට පසුව අපේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. නමුත් කුමන පාර්ශ්වයක් හෝ රටට හිතකර යෝජනා ඉදිරිපත් කරනවා නම් එය පිළිගන්න අපි සූදානම්. හැකි ඉක්මණින් මේ බදු බර අඩු කිරීමට අපි උත්සහ කරනවා” යැයි පවසා සිටියේය.
මෙම අවස්ථාවට අපනයන සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.