උදාවන නව අවුරුදු සමයේදී මහජනතාවට අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර ලබාදීමට කටයුතු කරන මෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් දෙනලද උපදෙස් අනුව රු.1,515/-ක් වටිනා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 10ක් අඩංගු ආහාර මල්ලක් රු.975/- කට ලබාදීමට රජය තීරණය කර ඇත.
අප්‍රේල් 10දා සිට 20දා දක්වා වන කාලය තුළ දිවයින පුරා පිහිටි ලක් සතොස වෙළඳ සැල් හරහා මෙම ආහාර ද්‍රව්‍ය අඩංගු මල්ල පාරිභෝගික ජනතාවට මිලදී ගත හැකි බව මුදල් අමාත්‍යාංශය පවසයි.