මහජන බැංකුවේ අම්පාර ශාඛා කළමණාකාර මහතාට තර්ජනය කර, රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන බැංකු කළමනාකාරීත්වය විසින් පොලිස් මූලස්ථානය වෙතින් ඉල්ලීමක් කර තිබේ.
වෘත්තීය සමිති නියෝජිතයන් යැයි පැවසෙන පිරිසක් අම්පාර ශාඛා පරිශ්රය වෙත බලහත්කාරයෙන් ඇතුළු වී මෙලෙස ක්රියාකර ඇති බව ශාඛා කළමනාකාර මහතා සහ ප්රාදේශීය කළමනාකාර මහතා විසින් මහජන බැංකු කළමනාකාරීත්වය දැනුවත් කිරීමෙන් පසුව, මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බව එම බැංකුව නිවේදනය කරයි.
මේ සම්බන්ධයෙන් සිද්ධිය සිදු වූ 2017 නොවැම්බර් මස 20 වැනිදාම අදාළ ශාඛා කළමනාකාර මහතා විසින් අම්පාර මූලස්ථාන පොලීසිය වෙතද පැමිණිලි කිරීමට කටයුතු කර ඇති බව එම නිවේදනයේ දැක්වෙයි.
එමෙන්ම, යම් මහජන බැංකු සේවකයකු ආයතනික විනය රීතීන් උල්ලංඝනය කර ඇති බව සනාථ වුවහොත් තරාතිරම නොබලා ආයතනික පැවැත්ම පිළිබඳ වූ විනය සංග්රහයේ ප්රතිපාදනයන් ප්රකාරව කටයුතු කරන බව මහජන බැංකුවේ කළමනාකාරීත්වය එම නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා සිටියි.