අට වැනි පාර්ලිමේන්තු මැතිවරණයේ නිමාවත් සමග ජනතාවගේ බහුතර කැමැත්තෙන් තේරී පත් වූ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ යහපාලනය සඳහා වූ එකසත් ජාතික පෙරමුණට, ලංකා වාණිජ මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම් සහ සුභාශිංසන පළ කරන බව ඔවුන් නිවේදනය කරයි.
ජනතාවට තම ඡන්දය, ස්වාධීනව, නිදහස්ව සහ නිවහල්ව ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි මෙවර මැතිවරණය ඉතාමත්ම සාධාරණව පැවැත්වුණු බව ඔවුන්ගේ විශ්වාසය බවත්, මේ තත්ත්වය ඇති කිරීම සඳහා කැපවීමෙන් යුතුව කටයුතු කළ මැතිවරණ කොමසාරිස්වරයා, පොලිස්පතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලවලට සිය ප්‍රශංසාව හිමිවන බවත් එම මණ්ඩලය පවසයි. එසේම ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව සලසා දෙමින් කටයුතු කළ ජනාධිපතිවරයා ඇතුළු රජයට සහ දේශපාලන පක්ෂ නායකයන්ටද සිය කෘතඥාතාවය ඔවුන් පළ කර සිටියි.
ලංකා වාණිජ මණ්ඩලය පෙන්වා දෙන්නේ, ප්රජාතන්ත්රවාදයට ගරු කරන ජනතාවක් ලෙස, අප සියලු දෙනාම මහජන කැමැත්තට ගරු කළ යුතු වන අතර, මැතිවරණයේදී ජය-පරාජය ලැබූ සියලු පාර්ශවයන් ලබාගත් ප්‍රතිඵල රටේ සාමාන්‍ය ජන ජීවිතයට කිසිදු බාධාවක් නොවන පරිදි, ඉතාමත්ම සාමකාමීව සහ සමාදානයෙන් යුතුව භුක්ති විඳිනු ඇති බව තමන් බලාපොරොත්තු වන බවයි.
ලංකා වාණිජ මණ්ඩලය මීට පෙර බොහෝ අවස්ථා වලදී පෙන්වා දී ඇති පරිදි, රටක් හැටියට වර්තමානයේදී අප සියලු දෙනාම අති විශාල අභියෝග රැසකට මුහුණදී සිටින බවත්, රට තුළ සංහිදියාව සහ ජාතික ඒකාග්‍රතාවය ඇති කරගැනීම, ප්රජාතාන්ත්රීය ක්රියාව්යුහය වඩාත් ශක්තිමත් කරමින් යහපාලනය සහ නීතියේ ආදිපත්‍යය ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ සියලු දෙනාම අන්තර්ග්‍රහණය වූ සංවර්ධන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම, ඒ අතර ඇති ප්‍රධානතම අභියෝග ලෙස ඔවුන් හඳුනා ගෙන ඇත. මේ සියලු අභියෝග, ඊට අදාළ පාර්ශ්ව සමග විවෘත සහ විනිවිදභාවයකින් යුතු වූ සාකච්ඡාමය ක්‍රියාදාමයක් තුළින් ජයගැනීම, මෙවර මැතිවරණය ජයග්‍රහණය කරමින් බලයට පත් නව රජයේ ප්‍රධානතම වගකීම බවද අවධාරණය ඔවුන් අවධාරණය කර සිටියි. මේ ක්‍රියාවලිය සඳහා ඔවුන් සතු උපරීම දායකත්වය සහ ශක්තිය මහත් වූ කැපවීමෙන් යුතුව යෙදවීමට ලංකා වාණිජ මණ්ඩලය සහතික වෙන බවද, බලයට පත්වන නව රජය සමග ඉතාමත්ම සුහදශීලීව සහ ඵලදායී ලෙස කටයුතු කිරීමට ක්‍රියා කරන බවද ලංකා වාණිජ මණ්ඩලය වැඩිදුරටත් පවසයි.