'අපි වෙනුවෙන් අපි රණ විරු' නිවාස ව්‍යාපෘතියේ 16 වැනි අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද නිවාස 104 ක් රණ විරු අයිතියට පවරාදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ (05දා) සිදු කෙරිණි.
ශ්‍රී ලංකා යුධ හමුදාව සඳහා නිවාස 68ක්, නාවික හමුදාව සඳහා නිවාස 23ක් සහ ගුවන් හමුදාව සඳහා නිවාස 13ක් බැගින් නිවාස 104ක් අද මෙලෙස ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවරාදෙනු ලැබිණි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීමෙන් රණ විරු සුබ සාධනය අරමුණ කොටගෙන ආරම්භ කළ මෙම රණ විරු නිවාස ව්‍යාපෘතියේ 15වැනි අදියර මේ වනවිට සාර්ථකව අවසන් කර ඇත.
දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වන මෙම නිවාස ව්‍යාපෘතියේ මුලික අරමුණ වනුයේ ඉඩමක් හිමි නිවසක් තනා ගැනීමට ආර්ථික වශයෙන් හැකියාවක් නොමැති රණ විරුවන් හට තම ඉඩමෙහි හිසට සෙවණක් ලබාදීමයි. මේ සඳහා මූල්‍ය පහසුකම් අපි වෙනුවෙන් අපි අරමුදල මගින් සපයන අතර ත්‍රිවිධ හමුදාව ශ්‍රම දායකත්වය සපයයි.