2017-2020 කාලපරිඡ්චේදය තුලදී අපනයනකරුවන් 2000 ස්ථාපිත කිරීම සඳහා ජාතික වැඩසටහනක් දියත් කිරීමට රජය යෝජනා කර ඇත. මෙම ජාතික වැඩසටහන පිළිබඳ ව්‍යවසායකයන් දැනුවත් කිරීම සඳහා පළාත් මට්ටමෙන් සම්මන්ත්රණ මාලාවක් පැවැත්වීම සඳහා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී ඇති ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ඒ සඳහා කටයුතු සුදානම් කර ඇති බව දැනුම් දෙයි.
ඒ අනුව පළාත් මට්ටමෙන් පවත්වන පළමු සම්මන්ත්‍රණය 2016 දෙසැම්බර් 20 වන දින පෙරවරු 9:00 සිට 12:30 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙම සම්මන්ත්‍රණයේදී ගෝලීය සැපයුම් දාමයට එකතු වෙමින් අභියෝග ජයගත් ශ්‍රී ලාංකික ප්‍රධාන පෙලේ අපනයන කරුවන් සහ අපනයනයට අදාල මූල්‍ය, අපනයන ණය රක්ෂණ, ආදී සේවාවන් පිළිබඳව බැංකු හා විෂයභාර ආයතනවල නිලධාරීන් මෙන්ම, අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් ව්‍යවසායකයන් දැනුවත් කිරීමට නියමිතයි.