ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සුබ සාධක සංගමය මගින් සංවිධානය කරනු ලබන අවුරුදු පොළ 2018 අප්‍රේල් මස 05 වැනි දින අපනයන සංවර්ධන මණ්ඩලීය පරිශ්‍රයේ දෙවැනි මහලේදී පැවැත්වීමට නියමිතය.
එදින පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා පවත්වනු ලබන මෙම අවුරුදු පොළ වෙත යන ඔබට ගුණාත්මක සහ අපනයන තත්ත්වයේ ඇඟලුම්, සාරි, පාවහන්, තෑගි භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ, මුළුතැන්ගෙයි උපකරණ, විසිතුරු ආභරණ ,ආහාර පාන ආදී විවිධ දේ පහසු මිලට මිලදී ගත හැකි බවද ඔවුහු පවසති.