ජපන් ආදි විද්‍යාර්ථින්ගේ සංගමය සහ ශ්‍රී ලංකාවේ ජපාන තනාපති කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන අන්තර්ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණය පෙබරවාරි 19 වැනි දින සවස 05.00 ට රාජගිරියේ පිහිටි මහ බැංකු අධ්‍යයන මධ්‍යස්ථානයේ රැස්වීම් ශාලාවේදී විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹීමට නියමිතය.
මෙම සම්මන්ත්‍රණය පෙබරවාරි 19 සහ 20 යන දෙදින පුරා පැවැත්වෙන අතර, ඊට ශාස්ත්‍රීය පර්යේෂණ ලිපි 40ක් ලැබී ඇති බව පැවසෙයි. මෙම අන්තර්ජාතික සම්මන්ත්‍රණය සඳහා ජපන් පදනම දායකත්වය සපයන අතර, මෙහිදී අමුණුගම අමාත්‍යවරයා විසින් %ලෝකයේ මානව ප්‍රාග්ධන සංවර්ධනයේදී ජපානයේ කාර්යභාරය^ යන මැයෙන් දේශනයක් පවත්වයි.