2015 වසරේදී අ.පො.ස. උසස් පෙළ ඉහළින්ම සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 21 දෙනෙකුට සිංගර් XSeries ලැප්ටොප් 21ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පිරිනැමීම පසුගියදා සිදුකෙරිණි.
මෙම ලැප්ටොප් පිරිනැමීමේ අවස්ථාව පසුගියදා පැවති අතර මෙහිදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක්වූ සිසුන් වෙත මෙම පරිගණක ප්රදානය කෙරිණි. මෙම අවස්ථාවට සිංගර් ශ්‍රී ලංකා සමූහ ප්‍රධාන විධායක නිලධාරී අසෝක පිරීස්, මූල්‍ය අධ්යක්ෂ ලලිත් යටිවැල්ල, මානව සම්පත් අධ්යක්ෂ නේමින්ද කරුණාරත්න සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
ඉහත පහසුකම් පාසල් සිසු දරුදැරියන්ට අත්‍යවශ්‍ය වන අතර දේශීය විෂය මාලවට අයත් වන තොරතුරු තාක්ෂණ විෂය හැදෑරීමේදී අතිශය ප්‍රයෝජනවත් බව එම ආයතනය පවසයි. සිංගර් ශ්‍රී ලංකාහි පාසල් සංවර්ධන ව්‍යාපෘති අතර කැපීපෙනෙන ව්‍යාපෘතියක් ලෙස 2011 වසරේදී ක්‍රියාත්මක කළ පාසල් 160 ක් සඳහා ආධාර කිරීමේ ව්‍යාපෘතිය ඔවුන් පෙන්වා දෙයි. මෙය 2011 වසරට යෙදී තිබූ සිංගර් 160 වැනි සංවත්සරය වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබේ. සිංගර් ශ්‍රී ලංකා සමාගම අඛණ්ඩව පාසල් සඳහා ආධාර උපකාර ලබාදීම සිදුකරන අතර මෙරට අධ්‍යාපනයේ ප්‍රවර්ධනය උදෙසා වසරකට රු.මිලියන 10කට අධික පිරිවැයක් දරනු ලබන බවද පෙන්වා දෙයි.