අඩු ආදායම්ලාභීන්ට විදුලි සබඳතාවලට සහන ණය
ග්‍රාමීය අඩු ආදායම්ලාභී පවුල් නගාසිටුවීමේ මහින්ද චින්තන ඉදිරි දැක්මට සමගාමීව, ඔවුන්ගේ නිවාස සඳහා විදුලිය සම්බන්ධතා ලබාදීම වෙනුවෙන් ණය ආධාර ක්‍රමයක් හඳුන්වාදීමට රජය පියවර ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන එළැඹෙන 30 වැනි දින ආරම්භ කිරීමට සියලු පියවර ගෙන ඇති බවද පැවසෙයි.
ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර මත, ලංකා විදුලිබල මණ්ඩලය ව්‍යාපෘතිය දියත් කරනු ලබන අතර, මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ඇ.ඩො.මිලියන 3.5ක තීරුබදු රහිත අනුග්‍රහයක් දැක්වීමට ඉදිරිපත්ව සිටින බව පැවසෙයි.
හම්බන්තොට, අම්පාර හා රත්නපුර දිස්ත්‍රික්කවල විදුලිය නොමැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා ව්‍යාපෘතියේ පළමු වැනි අදියර ක්‍රියාත්මක වේ.
මේ යටතේ එක් පවුලක් සඳහා රු.40,000/- ක උපරිමයකට යටත්ව, ණය මුදල පිරිනැමෙන අතර එය වසර 6ක් ඇතුලත කොටස් වශයෙන් ගෙවා නිමකිරීමට අවස්ථාව හිමිවන බවද පැවසෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

