කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා අනුබද්ධ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මාතලේ දිස්ත්‍රික් කාර්යාලය විසින් කෘෂි ආශ්රිත නිෂ්පාදන පිළිබඳ ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව පවසයි. මෙම ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පසු අස්වනු තාක්ෂණ ආයතනය හා ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව පැවැත්වීමට නියමිතව ඇත.
අගය එකතු කළ කෘෂි නිෂ්පාදන ආශ්රිත ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන මූලික වශයෙන් කෘෂි ආශ්රිත නිෂ්පාදන වන එළවළු, පලතුරු, සහල් හා ධාන්‍ය වර්ග, අපනයන කෘෂි බෝග ආශ්රිත නිෂ්පාදන හා සම්ප්‍රදායික දේශීය ආයුර්වේද නිෂ්පාදන සඳහා හඳුනාගත හැකි ව්‍යාපාරික අවස්ථා හඳුන්වාදීම හා ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනෙන් අරමුණු බවද පැවසෙයි.
මෙය 2015 නොවැම්බර් මුල් සතියේ දඹුල්ලේදී පැවැත්විමට නියමිත අතර, එය ව්‍යාපාරික අවස්ථා සොයන්නන් හා දැනට කෘෂි ආශ්රිත නිෂ්පාදනයන්හි ව්‍යාපාරිකයන්ට වැදගත් බවද පැවසෙයි.
මේ පිළිබඳ විස්තර, නියෝජ්‍ය අධ්යක්ෂ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, අංක 02, උපාලි පෙදෙස, විහාර පාර, මාතලේ යන ලිපිනයට හෝ දුරකථන අංක 066-2223160,066-2234366 ඇමතීමෙන් ලබාගත හැකිය.