CNBC ප්රවෘත්ති ජාලය හරහා ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රජාව ඇමතීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා කටයුතු කළේය.
රටේ වර්තමානයේ පවතින ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා පෙන්වා දුන් ඒ මහතා එම අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස අවධාරණය කළේය.
ඉන්දියානු සාගරයේ ක්‍රමෝපායික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා තිබීම හා ආයෝජන අවස්ථා රැසක් උදාවී තිබීම නිසා ආසියානු කලාපය තුළ බෙහෙවින් අවධානයට ලක්වන රටක් බවට මේ වනවිට ශ්‍රී ලංකාව පත්ව ඇති බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අග්‍රාමාත්‍යවරයාගේ මෙම අදහස් දැක්වීම CNBC සේවයේ Global Opportunities - Sri Lanka වැඩසටහනට සමගාමීව විකාශය වීමට නියමිත අතර, එම වැඩසටහන 2016 ජූනි තෙක් විකාශය වෙයි.