සිංගප්පූරුවේ පිහිටි ලොව දේපළ අලෙවිකරණ ක්ෂේත්රයේ දැවැන්තයකු වන පාමර් ඇන්ඩ් ටර්නර් ගෲප් සමග එක්වූ බ්ලූ මවුන්ටන් අපාර්ට්මන්ට්ස්, මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉදිවූ අති සුඛෝපභෝගී නේවාසික සංකීර්ණය, 'අකීලියොන්’ නමින් පසුගියදා දියත් කරනු ලැබීය. මෙම සුවිශේෂී තරු නේවාසික ව්‍යාපෘතිය 2016/2017 ආසියා පැසිෆික් දේපල ඉදිකිරීම් සම්මාන උලෙළේදී සම්මාන ත්‍රිත්වයක් දිනාගෙන ජාත්‍යන්තර අවධානයට ලක්වී ඇති බවත්, මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදුවන්නේ කොළඹ 04, සුප්‍රසිද්ධ මැජෙස්ටික් සිටි සාප්පු සංකීර්ණයට යාබද රු.බිලියන 2.3 ක් වටිනා බිම් ප්‍රදේශයක බවත් පෙන්වා දෙයි.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට සමගාමීව එක්සත් රාජධානියේ පැවැත්වෙන ලන්ඩන් ක්‍රිකට් උලෙළේදී දියත් කරනු ලබන අතර, මෙම උලෙළ එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ විශාලතම හමුව වන බවත්, එහි ප්‍රධාන අනුග්‍රාහකයා වන්නේද අකීලියොන් බවත් කියැවෙයි.
තමන්ගේ ආයෝජනය සඳහා ඉහළම ප්‍රතිලාභයක් අපේක්ෂාකරන ආයෝජකයන්ටද, අති සුඛෝපභෝගී ජීවන රටාවක් අපේක්ෂා කරන සැමටද 'අකීලියොන්' නව අත්දැකීමක් ලබාදෙනු ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට හදුන්වාදෙන අහස් පාළමක් (Sky Bridge) 50 වැනි තට්ටුවේ ඉදිවන අතිනවීන ගුවන් අවන්හලක් (Sky Restaurant) ඇතුළු සුපිරි අංග රැසකින් මෙම ව්‍යාපෘතිය සමන්විත වෙයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට නේවාසිකයන් සඳහාම වෙන්වූ නියමුවෙකු සහිත පෞද්ගලික හෙලිකොප්ටරයක් හා සුඛෝපභෝගී මෝටර් රථ ඇණියක්, පෞද්ගලික සිනමා ශාලාවක්, නවීන පුස්තකාලයක්, 24 පැයම විවෘත වෛද්‍ය මධ්‍යස්ථානයක්, ඔලිම්පික් ප්‍රමාණයේ පිහිණුම් තටාක සහ කායවර්ධන මධ්‍යස්ථානද 'අකීලියොන්' නිවාස සංකීර්ණයේ සුවිශේෂී පහසුකම් අතර ඇති බව කියයි. සිංගප්පූරුව කේන්ද්‍රකරගත් ලොව ප්රමුඛ ගෘහ නිර්මාණශිල්පී සමාගමක් වන ඉන්ඩෙක්ස් ආයතනය විසින් මෙහි අභ්‍යන්තර පසුබිම නිර්මාණ ශිල්පීයා වෙයි.
බ්ලූ මවුන්ටන් හි නවතම ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දැක්වූ එහි සමූහ සභාපති වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ, "අකීලියොන් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ අති සුඛෝපභෝගී නේවාසික ව්‍යාපෘතිය සඳහා නව අර්ථකතනයක් සපයනවා. මෙහි සමන්විත සුවිශේෂී අංග රැසක් ශ්‍රී ලංකාවේ කිසිදා නොඇසු හා නොදොටු අත්දැකීම් වන අතර අති සුඛෝපභෝගී ජීවන අත්දැකීමක් අපේක්ෂා කරන සැමට සරිලන ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා. මීට අමතරව මේ සංකීර්ණය පිහිටා තිබෙන්නේ කොළඹ නගරය මධ්‍යයේ වාණිජ, වෙළෙඳ සාප්පු සංකීර්ණ සහ විනෝදාස්වාදය ලැබිය හැකි ස්ථානවලට ඉතා සමීපවයි” යනුවෙනි.
බ්ලූ මවුන්ටන් සැමවිටම අවධානය යොමුකරන්නේ ක්ෂේත්රයේ ඇති උසස්ම ඉදිකිරීම් ප්‍රමිති සහ සුරක්ෂිතතාව අනුගමනය කරමින් නව්‍ය සහ අද ලොවට ගැළපෙන මාදිලියේ නිවාස සංවර්ධන ව්‍යාපෘති ගොඩනැගීමට බවත්, එය තහවුරු කෙරෙන අතීත වාර්තා ඇති සමාගමට දිවයින පුරා පිහිටි ශාඛා 16කින් ක්‍රියාත්මක වන ඉහළම සුදුසුකම් සහිත කණ්ඩායමක සහාය ලැබෙන බවත් ඔවුන් වැඩිදුරටත් පවසා සිටියි.