කොළඹ කොටස් වෙළෙඳ පොළ S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකයේ ඇති සමාගම් 20 හි ප්‍රධාන නිලධාරීන් ගෙන්වා කොටස් වෙළෙඳ පොළ දිනයේ ගනුදෙනු උත්සවාකාරයෙන් ආරම්භ කිරීමේ ප්‍රථම අවස්ථාව පසුගිය අප්‍රේල් 01 වැනිදා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මේ ආකාරයෙන් S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකයේ ඇති සමාගම්වල ප්‍රධාන නිලධාරීන් විසින් කොටස් වෙළෙඳ පොළ දිනයේ ගනුදෙනු උත්සවාකාරයෙන් ආරම්භ කළ ප්‍රථම අවස්ථාව ලෙස එකී අවස්ථාව ඉතිහාසයට එක්විය.