පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) සහ රාජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විගණකාධිපති සහ මුදල් අමාත්‍යාංශයේ සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID) අනුග්‍රහය මත පවත්වන ලද එක්දින සමුළුවකට මාර්තු මස 05 වැනිදා සහභාගී වූහ.
මෙම සමුළුව ශ්‍රී ලංකා රජයේ සමස්ත විනිවිදභාවය, වගවීම සහ කාර්යක්ෂමතාව තවතවත් ශක්තිමත් කිරීම සඳහා උපකාරී වන බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි. මෙම සමුළුවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය හා ප්‍රධාන ලේකම් ධම්මික දසනායක යන මහත්වරුන්, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (සභාපති ලසන්ත අලගියවන්න හා පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති යන මන්ත්‍රීවරුන්, වැඩබලන USAID අධ්යක්ෂ නීල් ඉද්දවල මහතා සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා විසින් දියත්කළ බවද ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.