මීට වර්ෂ 16කට පෙර ආරම්භ කරනලද ශ්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CMA) ස්වකීය 13 වැනි උපාධි ප්රදානෝත්සවය පසුගිය 15 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සහභාගි විය.
ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරී ආයතනයට සමාන මට්ටමකින් සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය, සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අමාත්‍යාංශය යටතේ සංස්ථාගත කර ඇති බවත්, ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරී ආයතනය හා ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා නේපාලය යන රටවල වරලත් හා කළමනාකරණ ගණකාධිකරණ ආයතනද ඇතුළත් වන දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනයේ මෙම ආයතනය සාමාජිකත්වය ලබා ඇති බව ඔවුහු පවසති.
මෙහිදී, වඩාත් නම්ය වූ හා විදේශ පාඨමාලාවලට වැයවන වියදමෙන් දහයෙන් එකක ප්‍රමාණයේ, වියදම් දැරිය හැකි තත්ත්වයේ පාඨමාලා ලබාදෙන බවද කියයි. එමෙන්ම, ආයතනය මගින් පවත්වනු ලබන විද්‍යුත් අධ්‍යාපනය, ස්වයං අධ්‍යාපනය හා පිළිගත් උපකාරක පන්ති පැවැත්වෙන විද්‍යාල මගින් මෙම කළමනාකරණ ගිණුම්කරණ වැඩසටහන අධ්‍යයනය කළ හැකි බවද ඔවුහු පෙන්වා දෙති.
මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ නියෝජ්‍ය සභාපති මහාචාර්යය පී.එස්.එම්. ගුණරත්න, විවෘත විශ්වවිද්‍යාලයේ කළමණාකරන අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්යය වී. සිවලෝගතාසන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.