පෙර පැවැත්වූ විභාගයන් හි ප්‍රතිඵල හා සසඳා බැලීමේදී 2016 මාර්තු මස පැවති CIMA විභාගයට පෙනී සිටි සිසුන්ගේ සමත්වීමේ අනුපාතයේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ඇති බව එම ආයතනය පවසයි. මෙම වර්ධනයත් සමග උසස් ප්‍රතිඵල අත්කර ගැනීමට ශ්‍රී ලාංකේය සිසුන් සතුව තිබූ ප්‍රවණතාව යළිත් උද්දීපනය වී ඇති බව පෙනී යන බවද ඔවුන් කියයි. ඒ අනුව, මෙම විභාගයේ ප්‍රතිඵල විශ්ලේෂණයේදී මෙහෙයුම් මට්ටමේ (Operational Level) විභාගයට පෙනී සිටි සිසුන්ගේ ප්‍රතිඵල ගෝලීය සමත්වීමේ අනුපාතයටද වඩා උසස් බවක් දක්නට ඇති බවත්, එය ප්‍රතිශතයක් ලෙස මෙසේ ඉදිරිපත් කරන බවද ඔවුන් පවසයි.
-
Management Case Study Exam 54%
-
Operational Case Study Exam 65%
-
Strategic Case Study Exam 55%
ශ්‍රී ලංකාවේ CIMA සිසුන් ලබාගත් උසස් ප්‍රතිඵල අගයමින් අදහස් දැක්වූ CIMA ශ්‍රී ලංකා ප්‍රධානී රැඩ්ලි ස්ටීවන් මහතා පවසා සිටියේ, ''ශ්‍රී ලංකාවේ සිසුන්ගේ සමත්වීමේ අනුපාතයේ ශීඝ්‍ර වෙනස අප තවත් දිරි ගැන්වීමට හේතු වෙනවා. පසුගිය විභාග වාරයන් තුනේදී ශ්‍රී ලංකාවේ සිසුන්ගේ සමත් වීමේ අනුපාතයේ සැලකිය යුතු ප්‍රගතියක් දක්නට ලැබෙන අතර, සිසුන් ජයග්‍රහණය කරා ගෙන යන්නට CIMA අධ්‍යයන කටයුතු පවත්වන ආයතන සහ ආචාර්යවරුන් කැපවීමෙන් සහ ආයාසයෙන් කටයුතු කරන බවත් මින් පිළිබිඹු වෙනවා. විභාග සඳහා මහන්සි වී කටයුතු කරන අනෙකුත් සිසුන් තුළ ආත්ම විශ්වාසය ඇති කිරීමට හැකි වන අයුරින් උසස් ප්‍රතිඵල ලබා විභාග සමත් වූ සිසුන් වෙත සුබපැතුම් පුද කරනවා. CIMA ආයතනය නොමිලයේ ලබාදෙන විභාග පුහුණු වීම්, පුස්තකාලයෙන් ලබාගත හැකි පහසුකම්, අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ විය හැකි අධ්‍යයන පහසුකම් සපයන ප්‍රජාව (CIMAconnect) යනාදියෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්න. මේ සියලු දෑ ඔබගේ ජයග්රහණයන් තවදුරටත් තීව්ර කරනවා'' යනුවෙනි.