උසස් පෙළ විභාගය නිමා වූ සැණින් CIMA හැදෑරීමට එක් වූ අ.පො.ස. උසස් පෙළ විභාගයේදී දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් සිසුන්ට ශ්‍රී ලංකාවේ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනය සිය උපහාර පිරිනැමීමට පසුගියදා කටයුතු කර තිබේ.
පසුගිය වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයේදි වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් අකීල් මොහොමඩ් සහ ගණිත විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් ඕෂධ ජයසිංහ උසස් පෙළ විභාගය නිමවූ සැණින් CIMA හැදෑරීමට එක්ව ඇත. ශ්‍රී ලංකාවේ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනය එදා CIMA සිසුන් බවට පත් මෙම දෙදෙනා අත්කරගත් ජයග්රහණයන් අගයමින් ඔවුන් දෙදෙනා පිළිගැනීමට කටයුතු කරන ලද අතර, ඒ අනුව ඔවුන් දෙදෙනාට CIMA විභාග සහ දායකත්ව ගාස්තු ආවරණය වන අයුරින් ශිෂ්‍යත්ව පිරිනමා තිබුණි.